‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.
යොෂුවා 18:1 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය. Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය. Sinhala Revised Old Version තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය. |
‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.
ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.
ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි.
මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය.
ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.
එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ ”
‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.
ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.
රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත.
අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.
ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, “ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය.
පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.
කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය.
ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය.
ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.
එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.
මීකා විසින් සාදන ලද වාත්තු රූපය ඔව්හු පිහිටුවාගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණ තාක් කල් එය එහි තිබුණේ ය.
පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.
තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,
දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.
එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ.