ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 16:5 - Sinhala New Revised Version 2018

එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;

පරිච්ඡේදය බලන්න



යොෂුවා 16:5
7 හුවමාරු යොමු  

ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.


එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය.


ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය.


මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්‍රායිම්ට එක කොටසක් ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.


බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ


එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය.