දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.
යොෂුවා 10:33 - Sinhala New Revised Version 2018 එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය. Sinhala New Revised Version එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය. Sinhala Revised Old Version එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය. |
දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.
ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;
සමිඳාණන් වහන්සේ ලාකීෂ් නගරය ද ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා දෙ වන දවසේ දී එය අල්ලාගෙන ලිබ්නාට කළාක් මෙන් එහි සිටි සියලු දෙනාටත් කඩුවෙන් පහර දුන්නේ ය.
ජෝෂුවා ඉශ්රායෙල්වරුන් සමඟ ලාකීෂ්හි සිට එග්ලොන් නගරයට ගොස් එය වටලා කඳවුරු බැඳ එයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.
එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද
එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.