Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:29 - Sinhala New Revised Version 2018

29 එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:29
6 හුවමාරු යොමු  

ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.


මිසරයේ රජ වූ පාරාවෝ‍ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.


එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය.


ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.


සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.


සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්