ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 8:18 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.

පරිච්ඡේදය බලන්න



යෙසායා 8:18
27 හුවමාරු යොමු  

ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.


තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,


මාගේ වංශය එතුමාණන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.


මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.


සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.


දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”


අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි.


එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.


එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.


ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.


එකල සමිඳාණන් වහන්සේ යෙසායාට මෙසේ වදාළ සේක: “නුඹේ පුත්‍ර ෂෙයාර්-යාෂුබ් සමඟ ආහාස් රජු හමු වන්න යන්න. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කාණුවේ කෙළවර ඇති අපුල්ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේ දී ඔහු නුඹට හමුවනු ඇත.


ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න.


නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.


නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”


මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය.


ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.


ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.


ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ.


සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී.


ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.


නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය.


එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;