Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 8:19 - Sinhala New Revised Version 2018

19 පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥයන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. “ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥායන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. “ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 8:19
28 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.


තවද, යමෙකු මට අවිශ්වාසවන්ත වී ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය හා මන්ත්‍රකාරයන් පසුපස ගියොත්, මම එවැන්නෙකුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු නෙරපා දමමි.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.


එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය.


“නුඹලා නොකෙලෙසෙන පිණිස ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය නොතකන්න. මන්ත්‍රකාරයන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.


ජෙරුසලම, පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන් ද දූවිල්ලෙන් නැඟී එන මුකවාඩමක් දමන ලද හඬක් මෙන් ද වන්නේ ය. ගැඹුරු පොළෝ තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේ ය; දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේ ය.


මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.


සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගෙන මිනිසුන් දෙදෙනකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ, ඈට කතා කොට, “ආත්මබන්ධනයෙන් මට පේන කියා, මා ඔබට නම් කරන ආත්මය කැඳවන්නැ”යි කීවේ ය.


හූනියම් කරන්නෙකු වත්, ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම්ගන්නෙකු වත්, මන්ත්‍රකාරයෙකු වත්, යක්බැන්දුම්කාරයෙකු වත් ඔබ අතර නොසිටිය යුතු ය.


එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.


ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද?


තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය.


එවිට සාමුවෙල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙන් අහක් වී ඔබට විරුද්ධ ව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ කුමක් නිසා ද?


පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.


එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය.


අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.


අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය.


එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය.


දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.


මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.


ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?


නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.


ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත.


එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.


මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි.


තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්,


එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, “ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද “ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්