ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
යෙසායා 5:26 - Sinhala New Revised Version 2018 සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය. Sinhala New Revised Version සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය. Sinhala Revised Old Version තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය. |
ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.
මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!
දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?
සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
“පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න; රණ හොරණෑව පිඹින්න; ලකුණක් දෙන්න; ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.
සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.
“සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.
පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති. මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.
ලෝ වැසි සියල්ලෙනි, දෙරණ වැසි සියල්ලෙනි, සවන් දෙන්න. කඳු පිට සංඥාව ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට සවන් දෙන්න.
ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී, සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්, නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.
ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන, එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”
එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ නයිල් ගඟ අසබඩ සිටින මිසර වාසීන්ට මැස්සන් සේ පැමිණීමටත්, අසිරියන්වරුන්ට තමන්ගේ දේශයෙන් මීමැස්සන් සේ පැමිණීමටත් සංඥාකර හඬගසනවා ඇත.
“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!
ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.
“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.
අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නුඹ පමුණුවන්නෙමි යි පෙර කාලයේ දිවැස් වැකි කී මාගේ දාසයන් වූ ඉශ්රායෙල් දිවැසිවරුන් මඟින් මා ඒ දවස්වල කීවේ නුඹ ගැන නොවේ ද?’ ”
රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.
“ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.
මම මාගේ සෙනඟ කැඳවා ඔවුන් එක්රැස් කරන්නෙමි. මම ඔවුන් ගළවා ඔවුන්ගේ සංබ්‍යාව පෙර මෙන් වැඩි කරන්නෙමි.
ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.