Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 5:26 - Sinhala Revised Old Version

26 තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 5:26
23 හුවමාරු යොමු  

මම ඔවුන් කැඳවා රැස්කරන්නෙමි; මක්නිසාද මම ඔවුන් මුදාගත්තෙමි. ඔව්හු වැඩිවී සිටින්නාක්මෙන්ම වැඩිවන්නෝය.


ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්,


ලෝකයේ වැසියෝද පොළොවෙහි වාසයකරන්නෝද යන සියල්ලෙනි, කඳු පිට කොඩියක් ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට අසන්න.


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.


උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය.


අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.


දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.


මෙන්න, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් නුඹ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ නුඹට තේරෙන්නේ නැත.


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයන් කීවේ මොකද? ඔව්හු කොතනින් නුඹ ළඟට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. ඔව්හු දුර දේශයක්වූ බබිලෝනියේ සිට මා ළඟට ආවෝයයි හෙසකියා කීවේය.


එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.


ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ උදහසේ ආයුධ වන ඔව්හු මුළු දේශය වනසන්ට දුර දේශයකින් අහසේ කෙළවර සිට එති.


උත්තමයන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිස ගස් නැති කන්දක් උඩ කොඩියක් ඔසවන්න, ශබ්දනගා ඔවුන්ට හඬගසන්න, අත වනන්න.


උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.


සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.


පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?


මාගේ කැපවූවන්ට මම අණ කෙළෙමි, එසේය, උඩඟුව ප්‍රීතිමත්වන්නාවූ මාගේ බලවන්තයන්ට මාගේ උදහස සඳහා අඬගැසීමි.


මහත් සෙනඟක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක්කරනසේක.


ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නුඹ පමුණුවන්නෙමියි කියා පුරාණ කාලයේ අවුරුදුවල අනාගතවාක්‍ය කීවාවූ මාගේ දාසයන්වූ ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුන් ලවා මා ඒ දවස්වල කියෙවුවේ නුඹ ගැන නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්