Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 1:8 - Sinhala New Revised Version 2018

8 “ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 1:8
17 හුවමාරු යොමු  

“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.


“හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ.


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.


මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.


ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.


එවිට ඔව්හු උත්තර දෙමින්, “ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.


“මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.”


“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.


අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.


මාගේ දිවිය වේගයෙන් යන නැවක් මෙන් ද ගොදුර පිට කඩා වදින රාජාලියෙකු මෙන් ද පහ ව යයි.


ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.


ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.


ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුලුණු බිමට වැටෙනු ඇත.


නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්