යෙසායා 44:4 - Sinhala New Revised Version 2018 ඔව්හු වතුර අසල වැඩෙන තණ කොළ මෙන් ද දිය ඔයවල් ළඟ වැඩෙන බට ගස් මෙන් ද සඵල වන්නෝ ය. Sinhala New Revised Version ඔව්හු වතුර අසල වැඩෙන තණ කොළ මෙන් ද දිය ඔයවල් ළඟ වැඩෙන බට ගස් මෙන් ද සඵල වන්නෝ ය. Sinhala Revised Old Version ඔවුන් වතුර ළඟ තෘණ මෙන්ද දිය ඔයවල් ළඟ නළා ගස් මෙන්ද වැඩෙනවා ඇත. |
ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.
ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය.
පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තල් අතු ද කොළ පිරුණු අතු ද ගං තෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්විය යුතු ය.
සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය.