ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.
යෙසායා 43:8 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය. Sinhala New Revised Version දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය. Sinhala Revised Old Version ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න. |
ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.
උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.
එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ”