යෙසායා 40:17 - Sinhala New Revised Version 2018 සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත. Sinhala New Revised Version සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත. Sinhala Revised Old Version සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති. |
බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.
පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත.
මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට අපෝස්තුළුවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.