ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.
යෙසායා 30:21 - Sinhala New Revised Version 2018 ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, “මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත. Sinhala New Revised Version ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, “මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත. Sinhala Revised Old Version නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත. |
ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
වියවුල් ව සිටින අයට තේරුම්පැහැදුම් ඇති වන්නේ ය. මැසිවිලි කියන අය ඉගෙනගන්න සතුටු වන්නෝ ය.”
අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.
නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.
මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.”
“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.
ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.