යෙසායා 29:7 - Sinhala New Revised Version 2018 එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත. Sinhala New Revised Version එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත. Sinhala Revised Old Version අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය. |
ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය.
සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත.
අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.
නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.