Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නාහුම් 2:1 - Sinhala New Revised Version 2018

1 නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 2:1
14 හුවමාරු යොමු  

එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.


දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.


මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය.


මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.


එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත.


ජෙරුසලමට පහර දෙන්න රැස්වන සියලු ජාතීහු සිහිනෙන් කෑම කා, බඩගින්නෙන් ඇවිදින, සාගින්නෙන් පෙළෙන, මිනිසෙකු හා සමාන වෙති. නැතහොත්, සිහිනෙන් වතුර බී, වියළි උගුරක් ඇති ව ඇවිදින, පිපාසයෙන් මිය ඇදෙන, මිනිසෙකු හා සමාන වෙති.


සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්