ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 24:14 - Sinhala New Revised Version 2018

ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය.

පරිච්ඡේදය බලන්න



යෙසායා 24:14
20 හුවමාරු යොමු  

සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය. ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි. ඔබ පුදුම දේ කර ඇත. පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක.


ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.


ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත:


ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.


එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.


සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.


නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න. බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න. “සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න.


සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.


“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.


මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.


එහි වසන සෙනඟ ප්‍රීති ගී ගයන්නෝ ය. ඔව්හු ප්‍රීතියෙන් හඬ නඟන්නෝ ය. ඔවුන්ගේ සංබ්‍යාව අඩු නොකර වැඩි වන්නට සලස්වා, ඔවුන්ගේ අගෞරවය පහකර මම ඔවුන් උසස් කරන්නෙමි.


ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක: එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.


“සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.”