සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
යෙසායා 23:5 - Sinhala New Revised Version 2018 තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය. Sinhala New Revised Version තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය. Sinhala Revised Old Version එය මිසරයට සැලවූ කල තීර්හි ආරංචිය ගැන ඔවුන්ට තද ශෝක ඇතිවන්නේය. |
සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
“ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.
ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”
“ඒ දවසේ දී සැකයෙන් තොර ව දිවි ගෙවන එතියෝපියන්වරුන් බිය ගන්වන පිණිස මා ඉදිරියෙන් පණිවුඩකාරයන් නැව්වලින් පිටත් කර යවන්නෙමි. එවිට මිසරයේ විනාශයේ දවසේ දී භීතිය ඔවුන් පිට පැමිණෙනු ඇත; එය පැමිණෙන්නේ ම ය.”