ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
යෙසායා 16:9 - Sinhala New Revised Version 2018 දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය. Sinhala New Revised Version දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය. Sinhala Revised Old Version එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය. |
ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.
එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.
ඔව්හු නුඹ නිසා හිස් මුඩු කරගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිතේ ශෝකයෙන් මහා විලාප කියමින් නුඹ ගැන අඬන්නෝ ය.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.
ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.