Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 40:12 - Sinhala New Revised Version 2018

12 එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 40:12
8 හුවමාරු යොමු  

තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.


දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය.


මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.


ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්,


තවද ඉෂ්මායෙල්, සෙනඟගෙන් ඉතිරි වී මිශ්පාහි සිටි සියල්ලන් එනම්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දෙන ලද රාජ කුමරිකාවන් ද මිශ්පාහි ඉතිරි ව සිටි මුළු සෙනඟ ද සිරබාරයට ගත්තේ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්නට පිටත් විය.


එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ සේනාවල අධිපතීහු ද විජාතීන් අතරට පන්නනු ලැබූ නමුත්, ජුදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආ ඉතිරි ව සිටි සියලු ජුදෙව්වරුන් වන,


එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”


මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්