Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 16:10 - Sinhala New Revised Version 2018

10 සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 16:10
13 හුවමාරු යොමු  

දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.


මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.


ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.


මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත. මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි. මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.


එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය.


මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත. මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.


ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.


සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.”


තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.


ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”


ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්