යෙසායා 15:6 - Sinhala New Revised Version 2018 නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත. Sinhala New Revised Version නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත. Sinhala Revised Old Version තවද නිම්රිම්හි ජලවල් සිඳී පාළුවන්නේය. එසේය, තෘණ මැළවී අමු තෘණ නැතිවී තිබේ, අමුවූ කිසිවක්ද නොතිබේ. |
“හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත.
උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.
“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,
හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතිරි කොට්ඨාශය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම් ද බෙත්-නිම්රා ද සුක්කොත් ද ශාපොන් ද නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වාත් ජොර්දාන් සහ සීමාව ද යන මේ ය.
පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.