නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.
යෙසායා 10:18 - Sinhala New Revised Version 2018 මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය. Sinhala New Revised Version මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය. Sinhala Revised Old Version උන්වහන්සේ ඔහුගේ වනයේද ඔහුගේ සාරවූ කෙතේද අලංකාරය, ශරීර ප්‍රාණ ඇතුළුව නැතිකරදමනසේක. ඒක කොඩිය උසුලන්නෙකුගේ ක්ලාන්තභාවය මෙන් වෙයි. |
නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.
මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.
සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත. ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.
නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.
සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.