Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 19:23 - Sinhala New Revised Version 2018

23 නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුඹේ පණිවිඩකාරයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට නින්දාකරවා කථාකොට: මාගේ රථ සමූහය හා සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපා දමා, ඒකේ දුරස්තර නිවාසවලටත් උයනක් වැනි ඒකේ වනයටත් ඇතුල්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 19:23
15 හුවමාරු යොමු  

සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.


එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.


මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.


ජනයන්ගේ වස්තුව, පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසු විය. අත්හැර දැමූ බිජු එකතු කරන්නාක් මෙන් ලොවේ ජාතීන් එකතු කරගත්තෙමි. මා බිය ගන්වන පිණිස තටු ගැසීමක් වත්, හොට ඇරීමක් වත්, කෑගැසීමක් වත් නො වී ය.”


“තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.


ඔහු මෙසේ කියයි: “මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය. මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි. ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්