යාකොබ් 3:14 - Sinhala New Revised Version 2018 එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. Sinhala New Revised Version එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. සිංහල කාලීන පරිවර්තනය එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාශ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න. Sinhala Revised Old Version නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න. |
එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.
එවිට ජේහු තමාගේ රථයට ඔහු නංවාගෙන, කතා කොට, “සමිඳාණන් වහන්සේ උදෙසා වන මාගේ උද්‍යෝගය බලන්නට මා සමඟ එන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝ ය.
එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?
ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.
එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.
“නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි.
එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,
“ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,
ඔව්හු සියලු ආකාර දුෂ්ටකමින් ද නපුරෙන් ද ලෝභයෙන් හා ද්වේෂයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මිනී මැරීමෙන් ද දබරයෙන් ද වංචාවෙන් ද ක්‍රෝධයෙන් ද පූර්ණ ව සිටිති. ඔව්හු ඕපාදූප දොඩන, කේළාම් කියන,
අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු.
ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.
ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;
තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද?
එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය.
ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.
එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්,
වෛරය, බීමත්කම, මධු සාද උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
චර්මඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ, ඒ ගැන ඔවුන් පාරට්ටු කර ගන්නා පිණිස ය.
සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.
උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද
මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.
උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.
මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි.