ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මීකා 1:12 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.

පරිච්ඡේදය බලන්න



මීකා 1:12
9 හුවමාරු යොමු  

සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.


ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.


“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.


අපි සාමය පැතුවෙමු; එහෙත්, එයින් කිසි වැඩක් නො වී ය. සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත්, පැමිණ ඇත්තේ භීතිය පමණි.


යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?


මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”


ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.


ඔහු එන විට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයෙහි ඉඳගෙන බලා සිටියේ ය. මන්ද, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන ඔහුගේ සිත බොහෝ සේ තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට අවුත් ආරංචිය කී කල නුවර වැසි සියල්ලෝ මොරහඬ දුන්හ.