Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 4:13 - Sinhala New Revised Version 2018

13 ඔහු එන විට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයෙහි ඉඳගෙන බලා සිටියේ ය. මන්ද, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන ඔහුගේ සිත බොහෝ සේ තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට අවුත් ආරංචිය කී කල නුවර වැසි සියල්ලෝ මොරහඬ දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු එන විට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයෙහි ඉඳගෙන බලා සිටියේ ය. මන්ද, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන ඔහුගේ සිත බොහෝ සේ තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට අවුත් ආරංචිය කී කල නුවර වැසි සියල්ලෝ මොරහඬ දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔහු එන කොට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයේ හිඳගන බලා උන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන ඔහුගේ හිත ගැහි ගැහී තිබුණේය. ඒ මනුෂ්‍යයා නුවරට ඇවිත් එපවත් කී කල නුවර වැසි සියල්ලෝ මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:13
9 හුවමාරු යොමු  

වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය.


ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන සඳහන් කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේ ය. මන්ද, ඔහු මහලු තරබාරු මිනිසෙකු වූ බැවිනි. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.


සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.


කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය.


ඒලී මොරගැසීමේ ශබ්දය අසා, “අර කෝලාහල ශබ්දය කිමෙක් දැ”යි ඇසී ය. ඒ මිනිසා ඉක්මනින් අවුත් ඒලීට ආරංචිය සැළ කෙළේ ය.


“අහෝ, අරෝයෙරේහි වැසියෙනි! මඟ රැක බලා සිට, කුමක් සිදු වුණා දැ යි ගැළවී පලා යන ස්ත්‍රී පුරුෂයන්ගෙන් අසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්