මලාකි 3:13 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය. Sinhala Revised Old Version නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය. |
‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.
සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.
එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”
මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”
ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන් විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”
උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත.
ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.
අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද?
ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.