මලාකි 2:2 - Sinhala New Revised Version 2018 “නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත. Sinhala New Revised Version “නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත. Sinhala Revised Old Version මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි. |
දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්, යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක. ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය. එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක් තේරුම් නොගත්තේ ය. දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.
නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?
එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය.
නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.
“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.
මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා,
ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.
යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.
ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”
මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ, මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස, උන් වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත් හ.