Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 1:9 - Sinhala New Revised Version 2018

9 “නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 1:9
25 හුවමාරු යොමු  

“මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.


“නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත.


නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.


සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි; මල් පර වෙයි. මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය.


‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත.


මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.


ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.


එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළො‍වේ පදනම් ද දිස් විය.


දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.


පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.


හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි.


මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි.


එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.


“ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.


කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.


හෙක්ටාර් දහයක මිදි වත්තකින් ලැබෙන්නේ මිදියුස ලීටර් අටක් පමණකි. බිත්තර වී ලීටර් එකසිය අසූවකින් ලැබෙන්නේ ධාන්‍ය ලීටර් දහඅටකි.”


මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්