තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවියන් වහන්සේට ගෙවීමට ඔහුට නුපුළුවන.
පිලිප්පි 3:11 - Sinhala New Revised Version 2018 යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය. Sinhala New Revised Version යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය. සිංහල කාලීන පරිවර්තනය මෙසේ යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීම අත්කර ගැනීමටත් ය. Sinhala Revised Old Version උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත–නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය. |
තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවියන් වහන්සේට ගෙවීමට ඔහුට නුපුළුවන.
ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.
මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.
සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, “සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය.
අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්‍යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය.
ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය අහිතකර වූයෙන්, එතැනින් පිටත් වී පුළුවන් නම් ඊසානට හා ගිනිකොණට මුහුණ දුන් ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගත කරන ලෙස වැඩිදෙනා කැමැත්ත දැක්වූ හ.
එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.
එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය.
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.
කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ.
දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ.
මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ.