ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.
ප්‍රේම ගී 7:5 - Sinhala New Revised Version 2018 ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි. Sinhala New Revised Version ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි. Sinhala Revised Old Version නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි. |
ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.
දෙවිඳුනි, සියල්ලෝ ඔබේ ජය පෙරහර දකින්නෝ ය; සිය ශුද්ධස්ථානයට යන මඟ මාගේ දෙවි රජිඳුන්ගේ ගමන නරඹන්නෝ ය.
සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.
ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය. ඔහුගේ කෙස් රොද රැලි සහිත ය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය.
එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්‍රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක.
ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.
උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය;