සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
ප්‍රේම ගී 4:5 - Sinhala New Revised Version 2018 ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය. Sinhala New Revised Version ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය. Sinhala Revised Old Version නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය. |
සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය.
ඔබේ ගෙල ඇත්දත් කුලුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.
අනේ! ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටත දී ඔබ මට හමු වූ කල ඔබ මා සිඹගත්තත් කිසිවෙක් මා හෙළා නො දක්නේ ය.
මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුලුණු ය. ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි.
සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.