Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 4:5 - Sinhala Revised Old Version

5 නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 4:5
12 හුවමාරු යොමු  

නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය.


මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.


මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි.


ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,


මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි.


ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.


අනේ, නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී නුඹ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් හෙළා නොදක්නේය.


මේ නුඹේ උස ප්‍රමාණය තල් ගසකටත් නුඹේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය.


මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.


මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.


නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්