ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 8:1 - Sinhala New Revised Version 2018

හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 8:1
25 හුවමාරු යොමු  

ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.


හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය.


ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.


මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය.


එස්රා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව හදාරන්නත් එය පිළිපදින්නත්, එහි ඇති අණපනත් ඉශ්රායෙල් සෙනඟට උගන්වන්නත් ඇප කැප වී සිටියේ ය.


ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් පනවන ලද සමිඳාණන් වහන්සේගේ අණපනත් පිළිබඳ ව විශේෂ දැනුමක් තිබුණු පූජකයෙකු ද නීතිවේදියෙකු ද වූ එස්රාට අර්තක්ෂස්තා රජු විසින් දෙන ලද හසුනේ පිටපත මෙසේ ය:


මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය.


මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.


ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.


එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.


එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය.


වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි අය ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.


එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”


මෝසෙස් අණ කළ දේ ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගෙනා හ. මුළු ජනතාව ම ළං වී සමිඳාණන් වහන්සේ ඉදිරිපිට සිටගත්හ.


“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.


එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


“විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.


එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය.


කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය.


එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.


එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය.