Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:2 - Sinhala New Revised Version 2018

2 ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ සියලු වැසියන්ද පූජකයන්ද අනාගතවක්තෘන්ද ලොකු කුඩා සියලු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සම්බවුණ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:2
18 හුවමාරු යොමු  

නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය.


මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.


එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය.


සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක.


සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.


ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,


ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.


ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ.


ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.


එහි සිටින ස්ත්‍රීන් ද ලොකු කුඩා සියල්ලන් ද වහල්කමට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන පිටත් ව ගියහ.


ඔවුන් එය ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පා ඒ නගරයට දඬුවම් කොට එහි ඉමහත් කැළඹීමක් ඇති වන්නට සැලැසූ සේක. උන් වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන් පිට භයානක ගඩු හටගන්වා ඔවුන්ට පහර දුන් සේක.


“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.


පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.


ඔවුන්ගේ වහලුන් නිදහස් කර හැරීමට ජෙරුසලමේ සියලු සෙනඟ සමඟ ශෙදෙකියා රජ ගිවිසුමක් කළ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්