Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 8:1 - Sinhala Revised Old Version

1 හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 8:1
25 හුවමාරු යොමු  

මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


(එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.)


හිල්කියා තෙමේ ලේකම්වූ ෂාපාන්ට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී මට සම්බවීයයි කියා ඒ පොත ෂාපාන්ට භාරදුන්නේය.


ස්වාමීන්වහන්සේගේ ආඥාවල වචනද ඉශ්‍රායෙල්ට දුන් උන්වහන්සේගේ පනත්ද ගැන තේරුම් ඇති කෙනෙක්වූ ලියන්නා එනම් එස්රා පූජකයාට අර්තක්ෂස්තා රජු විසින් දෙනලද ලියුමේ පිටපත මේය:


එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝ වලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.


එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.


මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.


ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.


ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමුන් ඉදිරිපිටද තිබුණු දාවිත්ගේ ගෙට ඉහළින් පවුරට නැගුමෙහි දාවිත්ගේ නිවර පඩිවලින් නැගී, නැගෙනහිරට තිබෙන වතුර-දොරටුව ළඟට ගියෝය.


එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනැවිත්, එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත් තමුන්ගේ මිදුල්වලත් දෙවියන්වහන්සේගේ ගෘහයේ මිදුල්වලත් වතුරදොරටුවේ එළිමහනෙත් එප්‍රායිම් දොරටුවේ එළිමහනෙත් පැල් සාදාගත්තෝය.


එවිට මුළු සෙනඟ එක්කෙනෙකු මෙන් නැගිට කථාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද පූජකයන්ද ලෙවීවරුන්ද ලොකු කුඩා මුළු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී සම්බවූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.


එස්රා ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකර ගත්තේය.


වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොතට ඇහුම්කන් දුන්නෝය.


ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් ආ විට, මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න.


යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ සියලු වැසියන්ද පූජකයන්ද අනාගතවක්තෘන්ද ලොකු කුඩා සියලු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සම්බවුණ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.


මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,


මොව්හු යොශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයා වන යෝයාකීම්ගේ දවස්වලද දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වලද සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්