තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
නෙහෙමියා 2:13 - Sinhala New Revised Version 2018 නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, Sinhala New Revised Version නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, Sinhala Revised Old Version නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා, |
තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.
එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය.
තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,
මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.
එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.
එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.
දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.