Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:9 - Sinhala New Revised Version 2018

9 තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:9
10 හුවමාරු යොමු  

මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය.


ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් තෙමේ ජෙහෝවාහාස්ගේ පුත් ජෝවාෂ්ගේ පුත් ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් පමණ බිඳ හෙළා,


ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,


උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය.


කොනේ උඩුමහලටත්, බැටළු දොරටුවටත් අතරේ රන්කරුවෝ ද වෙළෙන්දෝ ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.


ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.


මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.


නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්