Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 1:3 - Sinhala New Revised Version 2018

3 ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 1:3
33 හුවමාරු යොමු  

එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.


රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.


නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,


එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.


අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.


සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.


සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.


ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි. ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට, උදව් කරන්න කිසිවෙක් නො වී ය. සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.


හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය.


“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”


බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.


මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි.


ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.


දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.


නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”


මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.


අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.


ජුදාහි නුවරවල ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද මාලිගාවේ සේවය කරන්නෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ නුවරවල තිබුණ තම තමන්ගේ උරුම කොටස්වල වාසය කළෝ ය. ජෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොවුහු ය:


බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:


මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.


අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.


ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත. එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක. ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති. ව්‍යවස්ථාවක් දැන් නැත. එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.


මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.


ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්