ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 13:27 - Sinhala New Revised Version 2018

එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට නුඹලාට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 13:27
5 හුවමාරු යොමු  

එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.


අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද?


දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේ වත්, ශුද්ධ දවසක වත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත්, හත් වන අවුරුද්දේ පලදාව සහ සියලු ණය ද අත්හරින හැටියටත් සාපයකින් හා දිවුරුමකින් බැඳුණෝ ය.


ඒ දවස්වල දී සමහර ජුදාවරුන් අෂ්දොද්හි ද අම්මොන්හි ද මෝවබ්හි දී ස්ත්‍රීන් පාවාගෙන සිටිනු මම දුටුවෙමි.


ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”