Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 13:27 - Sinhala Revised Old Version

27 එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට නුඹලාට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:27
5 හුවමාරු යොමු  

එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්‍රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.


අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?


දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.


තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි.


මේ කාරණය ගැන නුඹලාට ඇහුම්කන්දෙන්නේ කවුද? යුද්ධයට යන අයගේ කොටස යම්සේද බඩු ළඟ නවතින අයගේ කොටසත් එසේම වන්නේය. ඔවුන් විසින් එක සමානව බෙදාගත යුතුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්