ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”
නෙහෙමියා 13:21 - Sinhala New Revised Version 2018 මම ඔවුන්ට තරවටු කොට, “ඔබ පවුර ළඟ නවතින්නේ මන් ද? ඔබ නැවත එසේ කළොත් ඔබට දඬුවම් කරන්නෙමි”යි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ දී නගරයට ආවේ නැත. Sinhala New Revised Version මම ඔවුන්ට තරවටු කොට, “ඔබ පවුර ළඟ නවතින්නේ මන් ද? ඔබ නැවත එසේ කළොත් ඔබට දඬුවම් කරන්නෙමි”යි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ දී නගරයට ආවේ නැත. Sinhala Revised Old Version මම ඔවුන්ට තරවටුකොට: නුඹලා පවුර ළඟ නවතින්නේ මක්නිසාද? නුඹලා නැවත එසේ කළොත් නුඹලා අල්ලාගන්නෙමියි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔව්හු සබත් දවසේදී නාවෝය. |
ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”
තවද, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වල ද අමාවක්වල ද පිදීමේ පූප සඳහාත්, නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන යාග පූජාව සඳහාත්, නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟි කිරීමේ පාප පූජා සඳහාත්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත්, රිදී ග්‍රෑම් පහක් අවුරුදුපතා දෙන ලෙස අපට නියෝග පණවාගතිමු.
ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි.