ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.
නෙහෙමියා 12:43 - Sinhala New Revised Version 2018 එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය. Sinhala New Revised Version එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය. Sinhala Revised Old Version එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය. |
ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.
එවිට ජුදාහි සහ ජෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ද ඔවුන්ට පෙරටුව ජෙහෝෂාපාට් ද ප්‍රීතියෙන් ජෙරුසලමට හැරී යන්න පිටත් වුණෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීති වන්න ඔවුන්ට සැලැස්සූ බැවිනි.
සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය.
ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.
ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ.
මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.
නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?
දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමාණන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; සමිඳාණන්ට ගී ගයා වාදනය කරන්නෙමි.
සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමාණන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.
සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.
එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,
පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.
එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.
ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.
ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.