ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 12:42 - Sinhala New Revised Version 2018

මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 12:42
11 හුවමාරු යොමු  

ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;


මයශයා ද බිල්ගයි ද ෂෙමායා ද යන පූජකයෝ ය.


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.


එලියාකිම්, මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝ ද;


එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.


අපේ ශක්තිය වන දෙවියන් වහන්සේට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.


ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.


එන්න, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු.