දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
නෙහෙමියා 12:27 - Sinhala New Revised Version 2018 ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ. Sinhala New Revised Version ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ. Sinhala Revised Old Version යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය. |
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.
දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.
“ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.
තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.
මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.
ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.
ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.
හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.
හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.
තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.
හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.
පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.
ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ.
සෙසු ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද ජුදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝ ය.
එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.
විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.
එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!
ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රශස්ති ගී ගයමි.
මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත.
එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.