Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:12 - Sinhala New Revised Version 2018

12 “ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:12
20 හුවමාරු යොමු  

පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.


යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.


පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස පවිත්‍ර වුණෝ ය.


සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.


එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.


එතැන සිටි සියලු පූජකයෝ කවර කාණ්ඩයට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.


ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.


දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය.


දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.


මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය.


තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”


ඔවුහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනවුත්, දාවිත් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ එය තබා, දවන යාග පූජාවල් ද සහභාගිකමේ පූජාවල් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝ ය.


සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.


එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට දාවිත් ඊට සූදානම් කළ ස්ථානයට ඔහු විසින් ගෙනෙනු ලැබ තිබිණි. එසේ වූයේ, ඔහු ජෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණ නිසා ය.


එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය.


යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්