ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.
නික්මයාම 9:31 - Sinhala New Revised Version 2018 එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි. Sinhala New Revised Version එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි. Sinhala Revised Old Version හණ සහ යවද නාස්තිවුණේය. මක්නිසාද යව කරල් හටගෙන තිබුණේය, හණද පීදී තිබුණේය. |
ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.
“මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,
මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.
මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.