Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 4:9 - Sinhala New Revised Version 2018

9 “මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 4:9
21 හුවමාරු යොමු  

නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත.


පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.


“තවද, නුඹලාගේ සියලු නගරවල සාගින්න ද හැම තැන ම කෑම සාගතය ද ඇති කෙළේ මම ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


පිපාසයෙන් පෙළුණු නගර දෙක තුනක සෙනඟ වතුර සොයා අසල නගරයකට ගිය නමුත්, බීමට සෑහෙන තරම් වතුර නොතිබුණේ ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.


උන් මාගේ මිදි වැල් පාළු කර ඇත; මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත; ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත. එහි අතු දැන් සුදු වී ඇත.


අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.


මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.


“දේශයට සාගතයක් නොහොත් වසංගතයක් පැමිණියොත්, වැසි නැත්නම්, ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය, පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණීම සිදු වුවහොත්, ඔවුන්ගේ දේශයේ නගර ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගනු ලබන්න හෝ යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ පමුණුවනු ලබන්න යෙදුණොත්,


“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද


ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.


ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.


අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


“ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත.


ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්