Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රූත් 1:22 - Sinhala New Revised Version 2018

22 මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 1:22
6 හුවමාරු යොමු  

ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.


නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය.


මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.


සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්