ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:
නික්මයාම 9:29 - Sinhala New Revised Version 2018 මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ. Sinhala New Revised Version මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ. Sinhala Revised Old Version මෝසෙස්ද: මම නුවරින් පිට ගිය කෙණෙහිම ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් දිගුකරන්නෙමි; පොළොව ස්වාමීන්වහන්සේගේයයි ඔබ දැනගන්නා පිණිස අකුණු ගර්ජනා නවතින්නේය, ගල් වර්ෂාවද තවත් නොවන්නේය. |
ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:
යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,
“සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,
සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක.
මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.
“මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?
එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය.
මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.
මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.
බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.